Monday, 17 September 2012

හොදම හතුරා ( ඉස්කෝලේ කතා 10 )

අනුන්ගේ කෙල්ලන්ට ලවු ලෙටර් දෙන්න යන්න ගිහින් මාටු වෙලා, හොරෙන් පාර්ක් ගිහින් මාට්ටු වෙලා පටන් ගත්තු අපේ A/L කාලයේ මුල ටිකේ තරම් අපි සතුටු වෙලා නැතුව ඇති කවදාවත්ම.. විභාගේ ඉවර වෙනකම්ම පිස්සු වැඩ කලා උනත් මගේ පැත්තෙන් ගනිද්දි මම ඒ තරම්ම සතුටු උන ලස්සනම කාලයක් උනාද කියන එකනම් අදටත් මට ප්‍රශ්ණයක්.. කොහොම උනත් කතාව දිගටම දිගහැරෙනවා.

"මචං ඇත්තද අරූ A/L වලට අපේ ඉස්කෝලෙට එනවා කියන්නේ?"

" ‍ඌට පිස්සුද බං.. එච්චර හොද එකක් දාල මේකට එන්න?"

" අපි නොදන්නවා උනාට මොකක් හරි කේස් එකක් තියෙනවා.. ඒකනේ ඌ මේකට ආයෙම එන්නේ.. අනික දැන් ඌට විභාගේ ලියන්න වෙන්නේ අවුරුද්දක් පහු වෙලත්.."

දවස් ගානක් ඉදන් අපේ පන්තියේ කතාව තිබුනේ මේ දේ ගැන.. අපේ ඉස්කෝලේ කලින් ඉද්දිටත් වඩා ගමේ උන්  උනත් ඌට දාල තිබ්බ නම " කපුටා"..  කපුටා අපිට වඩා අවුරුද්දක් වැඩිමල්.. O/L හොදට පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගියා.. ගිහින් අවුරුද්දකින් තමයි ආයෙම මේ එන බව අපිට ආරංච් උනේ.. ඒ ඇයි කියන්නනම් කවුරුවත් දැනන් හිටියේ නෑ.. කෝම උනත් වැඩි කල් නොගිහින් කපුටා අපේ ඉස්කෝලෙට ආයෙම ආවා.. අපේ පන්තියටම..

කපුටා කියන්නේ අබිලිං වගේ ඩයල් එකක්.. අපේ සෙට් එකේ කාටවත් කපුටව දිරෙවුවේ නෑ.. කෙල්ලන්ට උනත්.. කොටින්ම කියනවනම් හෙනම ඇනයක් උනා.. ලොකුම ඇනේ උනේ මට.. මොකද මගේ කරුමෙට කපුටා වැටුනේ මගේ ලගට.. අපි කෙල්ලො එක්ක කවලමේ හිතුන හිතුන තැන් වල ඉන්න නිසා ඒක එච්චරම අවුලක් නොවුනත් වැඩි හරියක් කපුටව සෙට් උනේ මට..

අපේ ක්ලාස් එක තිබ්බ තැනම එහා පැත්තේ තමයි ඉස්කෝලේ බුදු මැදුර තිබුනේ.. පන්තියේ ජනේලෙන් කෙලින් පේන්නේ බුදුමැදුර.. ඔය බුදු මැදුර අස් කරන වැඩ වලට එතකොට වතාවත් කරන ඒවා ගැන බලන්න ශිෂ්‍ය නායිකාවෝ දෙන්නෙක් දාලා හිටියා.. දෙන්නම O/L පන්තියේ.. එතකොට මට බාර වෙලා තිබ්බෙත් O/L පන්තිය කියල ඉතින් කට්ටියට මතක ඇතිනේ.. :)

ඉතින් ඔය නංගිලා දෙන්නගෙන් එක්කෙන්ක් ගොඩක් ලස්සනයි.. බුදුමැදුර ලගට නිතරම එද්දි යද්දි ජනේලෙන් ඒ දිහා බලන් හිටපු කපුටගේ හිත මේ නංගිට ඇදිලා ගිය එක ඉතින් වලක්වන්න බැරි උනා.. කපුටා කියන්නේ රියල්ම ඩයල් එකක්.. කපුටා කලිසම ඇන්දේ ඉනටත් උඩින්.. අපි වගේ නෙමෙයි.. මට කලිසම උස්ස ගන්න කියලා ලොක්කා කී පරක් වෝර්නින්ග් දුන්නද.. කපුටා ශර්ට් එක ඇදලා ගාන්ට යට කලා.. එහෙන් මෙහෙන් රැලි තිබ්බේ නෑ.. හැබැයි ඉතින් ඒ වගේම තමයි.. අපිට වඩා බ්‍රයිට්.. :)

ඉතින් මේ කපුටා ජනෙල්න් එබි කම් කර කර අර නංගිට ලයින් දාන්න ගත්තා.. දවසක් හිමිදිරි උදේ 8.30 වගේ මම පන්තියට එද්දි කපුටා ජනේලේ ලග මගේ සුන්දර ප්ලේස් එක අල්ල ගෙන..

" උඹ හිතුවද මම අද එන්නේ නෑ කියලා.. එහාට වෙයන්.."

" ඒ අසා.. මට මෙතන දියන්කෝ.."

" මේ මඟුලක් කතා නොකර අයින්ට වෙයන්.."

පන්තියේ අයිනේ ජනේලයක් ලග ප්ලේස් එකක සුන්දරත්වය වටිනකම එතන හිටිය අය දන්නවා ඇති.. ඉතින් එහෙම තැනක් කවුද දෙන්න කැමති.."

" නෑ බං අසා.. මම කියන දේ අහපංකෝ.."

" මේ කියන රෙද්දක් උඹේ තැනින් වාඩි වෙලා කියහං.."

ආපරාදේ කියන්න බෑ කපුටා ඒ පාර පොත් ටිකත් අරන් අයින් වෙලා මගේ ලග අනිත් පුටුවට ගියා.. මාත් වාඩිවෙලා බිත්තියට හේත්තුවක් දාගෙන උගේ පැත්තට හැරුනා..

" ඉතින් කියපං.."

" අසා.. උඹ දන්නවද අර බුදු මැදුර ලගට එන කෙල්ල.."

" මොන?"

" අර උඹේ පන්තියේ ශිෂ්‍ය නායිකාව.."

" අහ්.. මොකො මම නොදන්නේ.. ඉතින්?"

" උඹ දන්න තරමින් එයාට කොල්ලෙක් ඉන්නවද?"

" නෑ.. කොල්ලෙක් නෑ.. ඇයි?"

" මම ඒ නංගිට කැමති අසා.. උඹට පුළුවන්ද ටිකක් කතා කරලා බලන්න.. අපේ අනිත් උන්ට කලා වගේ.."

ආයෙම කපුකමක්.. මම ඉතින් ඔහොම ඒව බෑ කියනවද? ලවු වලට උදවු කලේ පොඩි එකා කාලේ ඉදන් වෙච්ච කොට..

" අහ්.. හරි මම වචනේ දාන්නම්.. උඹට ලියන්න දෙයක් තියෙනවනම් ලියලා දියන්.. මම හෙට කතා කරන්නම්.."

" අසා.. මට පුළුවන්නම් උඹ වාඩි වෙලා ඉන්න තැන දියන්..."

" මොන %//%$$"

මෙතන වාඩි උනාම බුදු මැදුර විතරක් නෙමෙයි.. ඒ ලගම තියෙන 10 වසරයි.. ඊට එහායින් තියෙන 9 වසරයි හොදට පේනවා.. බුදු මැදුර දිහා නොබැලූවට ඒ ලග බලන්න කොච්චර දේවල් තියෙනවද? එහෙම තැනක මුට දෙන්න..

" නෑ මචං.. නංගි ආවම මට ඔතන්ට හොදට පේනවා.. උඹ ඉතින් කෝමත් වැඩි හරියක් පන්තියෙත් නෑනේ.."

ඒක ඇත්ත.. මම පන්තියට එන්නේ ECON  තියෙන වෙලාවට විතරයි.. දැන් මෙයාලා හිතයි ඒක මගේ ආසම සබ්ජෙක්ට් එක කියලා.. වැරදියිනේ..  ECON උගන්නන්නේ ශිෂ්‍ය නායකයෝ බාර ටිචර් කෙනෙක්.. ඉතින් අනිත් අයට ප්‍රිෆෙක්ට් බොඩ් එකෙ වැඩ කියලා කට් කලාට මේක කට් කරන්නේ කෝමද.. ඉතින් ඒකට පන්තියේ.. කොච්චර අකමැති උනත්..

" හා හැබැයි මට ECON එකේ මෙතන දියන්.."

" හරි මචං.. තෑන්ක්ස් බං.."

කපුටා කිවුව විදිහට පහුවදා තඩි ලියුමක් ගෙනත් අතේ තිබ්බා.. මගේ හිතේ මම ඩිලිවරි කරපු බරම ලියුම ඒක.. සාක්කුවට දැම්ම සාක්කුවත් පිම්බිලා.. ඒක මේ හොරෙන් දෙන්න පුලුවන් ටයිප් එකේ එකක් නම් නෙමෙයි..  කෝම හරි උදේ පාන්දරම අදාල නංගිව අල්ල ගත්තා පන්තියෙදි..

" ගුඩ් මොර්නිග් අසන්ත අයියේ.."

" ගුඩ් මොන්නින්ග් නංගි.. ඩියුටි යන්නේ නැද්ද?"

" මේ යන්න හදන්නේ අයියේ.."

" අහ් අනිත් කෙනා ඉන්නවනේ.. ඔයා ටිකක් ඉන්න.. මට කතා කරන්න ඕන.."

" හරි අයියේ.."

මම ඉතින් මම ආපු මංගල කාරණාව මුල ඉදන් අග වෙනකම් සරළව පැහැදිළි කලා.. කරලා ඉවර වෙලා සාක්කුව පිම්බෙන්න දා ගෙන හිටිය තඩි ලියුමත් දුන්නා..

" කවුද අසන්ත අයියේ ඔය කියන කෙනා?"

සංතෝසේ බෑ.. නම කිවුවට දන්නේ නෑ.. දැන් ඉතින් මොකෝ අර මම කලින් කියපු පෙනුම කියලා කියන්නද අහවලා කියලා.. ඉතින් කෝම හරි ඉස්කෝලෙට අළුතින් ආව එක්කෙනා කියලා යන්තම් තේරුම් කරලා දුන්නා.. ටිකක් වෙලා ටියුබ් ලයිට් වගේ ඉදලා නංගිත් පරක්කු වෙනවා කියලා ගියා.. කොච්චර තේරුම් ගත්තද කියලනම් ඉතින් නොදනි.. පන්තියට යද්දි කපුටත් බලන් ඉන්නවා.. මමත් ඉතින් දුන්නා කියලා උගේ හිත සනසලා මගේ ප්ලේස් එකත් ඌට දිලා ටික වෙලාවක් පන්තියේ වාඩි වෙලා හිටියා..

වෙලාව ගිහින් ඉන්ටර්වල් එකත් ආවා.. කෙල්ලන්ගේ බත් එක කාලා කැන්ටිමටත් ගිහින් ආයෙම කකා ඉද්දි නංගී ආවා මාව හොයාගෙන..

" අසන්ත අයියේ, පොඩ්ඩක් කතා කරන්න ඕන.."

" කියන්න නංගී.."

" මෙහෙම බෑ.. අපිට 6 පිරියඩ් එක අද ෆ්‍රී.. ටීචර් ඇවිත් නෑ.. මම ලයිබ්‍රී එකට යන්න අයියත් එනවද ෆ්‍රී නම්?"

දැන් ඉතින් අපිට 6 මොනා තියෙනවද කියලා කාටද මතක.. මොනා උනත් කමක් නෑ ටිකකට හරි පනිනවා කියලා හිතුවා..

" අහ් හරි මම එන්නම්.." 

" හරි අයියේ මම බලං ඉන්නවා.. අර අයියට කියන්න එපා හැබැයි.."

" අහ්.. හා.."

කපුටටත් නොකියා මට තනියම ලයිබ්‍රී එකට මොකට එන්න කිවුවද මන්දා කියලා මාත් හිත හිත ඉදලා ගාන්ට වෙලාවට පන්තියෙන් පැන්නා.. හොද වෙලාවට තිබ්බේ ECON නෙමෙයි.. මම යද්දිත් නංගි ඇවිත්..

" මොකද්ද නංගී කියන්න ඕන කිවුවේ?" 

" අයියා මේක කියවලා බලන්නකෝ.."

උදේ මම ඩිලිවරි කරපු තඩි ලියුම නංගි ආයෙම මටම දෙනවා.. අපරාදේ කියන්න බෑ.. ෆුල්ස්කැප් කොල දෙකක් පුරෝලා අකුරු වලින්.. දැක්කම මට නිකන් කරකැවිල්ල වගේ..

" මේ මම මේක කියවන එක හරි නෑ.."

හරි නැතුවටත් වඩා මට අර සංදේශය කියවන්න කම්මැලි.. :)

" අනේ එහෙම දෙයක් නෑ අයියේ.."

" කමක් නෑ නංගී.. මේකේ තියෙන එක මට කෙටියෙන් කියන්නකෝ.. ඒ ඇති.."

කොම උනත් ලස්සන පෙම් හසුනක සාරාංශයක් නංගී මාත් එක්ක කිවුවා.. කෝම උනත් ලස්සන අදහස්.. මම කල්පනා කලේ මම එකක් ලියද්දි උගෙන් අයිඩියා එකක් ගන්න ඕන කියලා.."

" ඉතින් නංගී.. ඔය මොකද ඒකට කියන්නේ.."

" මම කැමති නෑ අයියේ.. ඔයා විස්තර කිවුවමයි මම එයා කවුද කියලත් බැළුවේ.. තව ටික කාලයයි විභාගෙට තියෙන්නෙත්.. මට ඒක ගැන හිතන්න ඕන.. අයියා එයාට කියන්න තරහා වෙන්න එපා කියලා.."

" හොදටම ශුවර්ද?"

" ඔව් අයියේ.."

" හරි මම කියන්නම්.. ඇත්තටම මේ වෙන කවුරුවත් ඉදලා නෙමෙයි නේ බෑ කිවුවේ.."

" අනේ නෑ අයියේ.."

කෝම හරි ටක් ගලා ඉවර කරලා එන්න ගිය කතාව ඒ පිරියඩ් එක ඉවර වෙනකම්ම ගියා.. එවුවා ඉතින් කතාවට අදාල නෑනේ.. ඉතින් ඒවා කපා හැරියලු හොදේ.. :)

ඒ කතාව ඉවර වෙල පන්තියට ඇවිත් කපුටා එක්ක විස්තරේ කිවුවා.. උගේ අප්සට් ගිය මූණ දැකලා මටත් අප්සට් නොගියම නෙමෙයි.. එක පාරම ඉතින් ට්‍රයි එක අත අරින්නේ නැති නිසා කපුටා ඊට පස්සෙත් ජනේලේ ලගට වෙලා ලයින් එක දාගෙන හිටියා.. දෙතුන් පාරක්ම නංගී එක්ක කෙලින්ම අහලා තිබ්බා.. ඒ හැම වෙලේම එකම උත්තරේ.. කෝම හරි මේ ප්‍රශ්ණ අතරේ නංගී මාත් එක්ක ගොඩක් ෆිට් උනා..  අන්න ඒක තමයි උන එකම අවුල.. 

ඒ වෙද්දි කපුට ලයින් එක දාගෙන මාස 2 විතර පස්සෙන් ගිහින්.. කොච්චර බෑ කිවුවත් කපුටා ගේම අත ඇරියෙත් නෑ.. හැබැයි ටිකින් ටික කපුටගෙ පොඩි වෙනසක් පෙනුනා.. කපුටා මාත් එක්ක කතා කලේ නෑ හරියට.. කිවුවෙත් සමහර දේවල් මාත් එක්ක වලියට වගේ.. දවසක් හැම දේකම සීමාව පැනලා ගියා..

" නිකන් බලු වැඩ කරන්න එපා බං.. මම කැමති බව දැන දැනම උඹ එයත් එක්ක යාළු උනේ.."

" උඹට පිස්සුද කපුටෝ..ඒක මේ නිකන් ෆිට් එකට කරන කතාවක් විතරයි.."

" උඹ කොච්චර නෑ කිවුවත් මම ඒක දන්නවා.. උඹ මගේ වැඩේ නොකර උඹ නංගී එක්ක යාළු උනා.."

" මොන $%&&$ දැන් මම උබට නෑ කියලා කොමද කියන්න ඕන කියහං.."

එවෙලේ ටිකක් එහ මෙහා උන වචනත් එක්ක ඒක රණ්ඩුවක් වෙනකම්ම ඇදිලා ගියා.. අපේ අනිත් උන් අපි දෙන්නව දෙපැත්තකට නොකරන්න එදා ඉහල උසාවි යන්නම වෙනවා..

" උඹ මං ගැන දන්නේ නෑ අසා.."

කිවුවත් වගේම පන්තියේ අනිත් උන් ගැන දන්න තරම්වත් මම කපුටා ගැන දැනන් හිටියේ නෑ.. ඒත් කපුටට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා මම දැනන් හිටියා.. කෝම උනත් කපුටා මට සෑහෙන වෛර කලා.. එක ලග වාඩි වෙලා හිටියත් මව මරාගෙන කන්න තරම් තරහක් කපුටගේ තිබ්බා.. එදයින් පස්සේ මට පෙරළපු තරමක් බාල්දි පෙරළුවේ කපුටා.. ඒවා ඊළගට.. :)



89 comments:

  1. කතාව සම්පුර්ණ වැරදි නේ පැටියෝ.... නංගි ඔයාට ලයින් දලා ඔයාට එක තෙරැණේ නැ. එහෙමනේ උනේ... හික් හික්....... මට කිවුවෙ එහෙමනේ ;)

    ReplyDelete
    Replies
    1. මෙයා එක්ක බෑ.. මම කවද්ද එහෙම කිවුවේ මට ලයින් දැම්මා කියලා.. (කෝම උනත් කතාව ඇත්ත.. ඒක ඉතින් ඔහොම කියන්න ඕන නෑනේ..)

      එක උනාට තෑගි ස්කයිප් දුන්නලු... :)

      Delete
    2. අඩේ එතකොට ඉතින් අරූට යකා නගින එක අහන්නත් දෙයක් ඈ..

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හී හී කපුවා කපෝති වගේ!

      Delete
    5. රෙඩ් නඟා : ඒකනේ හේතුව සාදාරණයි නේ.. :)

      Delete
    6. ලහිරු අයියේ : අපි කලොත් ඉතින් ඔහොම තමයි.. :)

      Delete
  2. ආදරෙයි වෛරයයි අතරේ කෙස් ගහක දුරක්ලුනේ තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා හසිත මලයා..

      Delete
  3. :O එයා මාර භයානකයි වගේ නේද ...

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට කතා ටික කියවන්නකෝ..

      Delete
  4. හිහිහි.. කළ හොඳ පස්සෙන් එළවනවා කියන්නේ ඕකට තමා අයියේ...

    ReplyDelete
    Replies
    1. පස්සෙන් එලවන්න හොදක් කලාද මන්දා... :)

      Delete
  5. තුනකොන් ප්‍රේම ත්‍රිකෝණයක් වගේ..
    ඒ සුන්දර ඉස්කෝලෙ කාලෙ ආයෙ එන්නෑනෙ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ රූ අක්කේ.. තුන් කොන් නෑ.. කපුටා තව කොනක් පැටලුවා ඒකයි උනේ.. :)

      ඒකනම් ඇත්ත අක්කේ.. ආයෙම ඒ දවස් එනවනම්..

      Delete
  6. සමහර ලව් ස්ටෝරි වල සපෝටර්නෙ ගොඩ යන්නෙ.මේකෙත් එහෙම වුනාද මල්ලි.???

    ReplyDelete
    Replies
    1. මම සපෝට් කරපු ඔක්කොම වගේ මගේ පිටනේ කර කැවුනේ.. අනේ මන්දා මොකද කියලා.. :)

      නෑ නෑ මේක එහෙම උනේ නෑ හොදේ...

      Delete
  7. මල හත්තිලවුවයි කිවුවාලු.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. මරණයක් නොවී බේරුනා.. :)

      Delete
  8. ඕකට තද වෙලා හරියනවයැ. කපුට දැනගන්න එපැයි හොඳ තරඟයක් දෙන්න නේද දිනේශ්!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ පොයින්ට් එක.. කොහේද කපුටා කියන්නේ අමුතුම ඩයල් එකක්.. ඒකට ඕවා තේරෙන්නේ නෑ..

      Delete
  9. ඔහොම වැඩක් මම දන්න පොරකටත් උනා
    යාලුවෙලා හිටිය කෙල්ලගේ මල්ලිට කැල්ලක් සෙට් කරලා දෙන්න ගිහින් අවසානෙට කෙල්ල ඌට වැටුණා
    හැබැයි එතකොට කලින් කෙල්ල මිනිහාව අතෑරලා තිබ්බේ
    අවසානෙට මල්ලි කාරයා හිතුවේ අක්ක එක්ක තරහට ඌට ගේම දුන්නයි කියලා

    ReplyDelete
    Replies
    1. එහෙම ඉතින් හිතෙන එක සාදාරණයිද මන්දා.. අවතාර්ට උන දෙයක් නෙමෙයි කියලා හිතනවා.. යාළුව පිට පටවලාද මන්දා.. :)

      Delete
  10. හික් හික්... මරු වැඩේ.

    ReplyDelete
    Replies
    1. මොකො මොකො අමුතු හිනාව මද්දු අක්කේ... :)

      Delete
  11. මෙයාටත් වෙන වැඩ. මාර පෙම් කතාවක්නේ. පොතක් ලීව හැකි 'මගේ දහවෙනි වසර' කියලා....:)

    හැබැයි ඒ කාලේ හරි ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අන්න පොඩ්ඩි අක්කට ආවා හොද අදහසක්.. ලවු උදවු ඔක්කොම මට කැරකුනේ ඒ දවස් වල..ලියන්න පුළුවන් ඒවනම්... :)

      ඇත්ත ඇත්ත අක්කේ.. ඒ කාලේ කොච්චරනම් සුන්දරද?

      Delete
  12. ඕකට තමයි කියන්නේ අයියේ වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටිලා ගහෙන් බිමට වෑටීම කියලා........... :D

    මේ දවස් වල බ්ලොග් වල හෙනට ප්‍රේම කතා නෙහ් :D

    ReplyDelete
    Replies
    1. ඔක්කොම එක පාර උනා වගේ තමා ඉතින්..

      කොහෙද අප්පේ තව ප්‍රේම කතා තියෙන්නේ??

      Delete
  13. කෙල්ලෝ හින්දා වලියට එන එවුන්ට මම කියන්නේ කෙල්ල තෝ තියාගන් මට කොල්ලෝ වටිනවා බං කියලයි. එච්චරයි ඌ සරෙන්ඩර්. තවත් අවුල් නම් කියන්නේ උඹ කොහොම හරි කෙල්ල කැමති කරගනින් මගේ අවුලක් නෑ කියලයි. දෙන්නම ගොඩ.. :)

    ReplyDelete
    Replies
    1. "උඹ කොහොම හරි කෙල්ල කැමති කරගනින් මගේ අවුලක් නෑ කියලයි."

      අන්න නියම කතාව.. ඇත්ත එතකොට අවුල් නෑ.. :)

      Delete
  14. හොඳ හරිය හලලනෙ මෙයා ලියල තියෙන්නෙ. අපේ වාසනාවට තමයි මධාරා හිටියෙ

    ReplyDelete
    Replies
    1. හොද හරිය කිවුවේ අර ලයිබ්‍රියේ කතාවද? හෙහ් හෙහ්.. ඒවා රහසිගතයිලු හොදේ... :)

      Delete
  15. කොහොම හරි වෙන්න ඇත්තේ කපුටා කියපු දේ තමයි... මදාරගෙන් බේරෙන්නෙත් ඕඅන හින්දා පොඩ්ඩක් එඩිට් කරලා

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඇත්තටම ලයින් දැම්මේ නෑ.. මෙහෙමයි හැබැයි.. මේකේ නොකිවුව ඒවත් මදාරා දන්නවා...

      Delete
  16. අඩේ දිනේශ් මලයා... මෙන්න තවත් කපුවා කපෝති කතාවක්.....

    දවසක් කොල්ලෙක් මට එයාගේ යාලුවෙක්ව සෙට් කරන්න ආවා.. වැඩේ කියන්නේ මට ඒ කොල්ලව පොඩ්ඩක්වත් මතක නෑ... මොකද ඌ හැමදාම ෆුට්බෝඩ් එකේ අන්තිම පඩියේ යන්නේ... මං ලයින් එක දාගෙන හිටියේ කපුකම කරන්න ආපු අයියට.... ඉතිං මං කිවවා මං එයාට නෙවෙයි ඔයාටයි කැමති වුනේ අයියේ කියලා... මෙන්න සතියකට විතර පස්සේ මෙයා පොඩි එකෙක් අතේ මට ලියුමක් එවනවා... හි හි..

    ... යාලුවා ඔයාට කැමති නිසයි මම සද්ද නැතුව හිටියේ.. ඇත්තටම ඔයා දැකපු දවසේ ඉදලා මම ඔයාට කැමැත්තෙන් හිටියේ... එදා ඔයා එක්ක කතා කලාම ඒ කැමැත්ත වැඩි උනා.. ඇත්තටම මං ඔයාට ආදරෙයි නංගි.... කියලා... ඉතිං ඒ කවුද දන්නවද.....

    දැං මගේ හබී.... හි හි...

    ReplyDelete
    Replies
    1. " මෙන්න සතියකට විතර පස්සේ මෙයා පොඩි එකෙක් අතේ මට ලියුමක් එවනවා..."

      යාළුවගේ වැඩේට චන්ඩිය වගේ බැස්සට තමන්ගේ වැඩේට පස්ස ගහලා වගේ.. මාත් ඔහොම තමයිලු හොදේ.. :)

      එයා දැන් හිරු අක්කගේ හබී නම් ඒ ආදර කතාව ලස්සන එකක් නේ.. සුභ පැතුම්..

      Delete
    2. හුටා.... මටත් මේ සිද්ධියම උනානේ :O
      හැබැයි කපුකම කරන්න ගිහින් කෙල්ල මට කිව්වා මං ඔයාටයි කැමති කියලා,
      ඒත් හොඳම යාලුවගේ වැඩේ නිසා මන් ඒකට ප්‍රතිචාර දැක්කුවේ නෑ...
      මං එහෙම කරලත් ඒ යාලුවා අදටත් මං එක්ක නයි වයිරයි..... :(

      Delete
    3. හෙහ්.. බලන් යද්දි හැමදාම කපුවා කපොති.. :)

      Delete
  17. හී හී......මාර කතාව :)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..

      Delete
  18. Replies
    1. තැන්කූ වේවා..

      Delete
  19. මට මතක් වුණේ අපේ සඳරුව.ඌත් ඔය කපුකම් කරන්න ගිහින් හැමදාම කෙලකර ගන්නවනේ....මොනව වුණත් සඳරු බොක්ක හොඳ කොල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. අපේ සදරුවා කිවුවේ මේ හිස් අහසේ සදරුවාද?

      Delete
    2. ඔව් ඔව් ...ඒ සඳරු තමයි.අපට ඉතින් ලාස් වලින් මනින්න තරං සඳරුලා නැහැනේ...

      Delete
    3. හිතුවා.. ඒත් ශුවර්ම කරලා දැන ගන්න ඇහුවේ.. :)

      Delete
  20. දිනේශ් ටත් වෙන්නේ හරි හරි වැඩනෙ...තව පොඩ්ඩෙන් කපුවත් ඉවරයි

    ReplyDelete
    Replies
    1. මේ වලිය මෙතනින් ඉවර නෑ ළිහිණි අක්කේ.. තව ඉස්සරහට තියෙනවා.. :)

      Delete
  21. පාසල් කාලෙ සුන්දර මතක . ලස්සන ප්‍රේම කතාවක් වගේ .

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. නෑ ගිම් අක්කෝ.. මේක ඔතනින්ම ඉවර උනා.. උන් දෙන්න යාළු උනේ නෑ..

      Delete
  22. ඔහොම එවුන් ඉන්නවා බං ඕනෙ තරං

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අපිට අළුතින් සෙට් උන නිසයි අපිට ටිකක් හොදට ෆිට් වෙන්න බැරි උනේ..

      Delete
  23. හරිම ස්වාභාවික දෙයක්නේ ඕක..ගොඩක් වෙලාවට පියුම් මහත්තයා වැඩේ කරගන්නවා :පි

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ලොකු අක්කේ.. පියුම් මහත්තය අකිවුවම මතක් උනේ.. අක්කත් ලියුමක් ගැන පොස්ට් එකක් දැම්ම නේද?

      Delete
  24. ඕකට තමයි අයියේ තියන්නේ වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණා වගේ කියලා :D :D :D :D :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ නංගියෝ කියන්නේ.. :)

      Delete
  25. ආදරයයි වෛරයයි !!
    හික්ස් :)

    ReplyDelete
    Replies
    1. මොකො අයියේ අප්සට් විදිහට හිනා වෙලා..

      Delete
  26. ලේසි නෑ නේ අප්පා :(
    ලව් ඉලව් වෙලානේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඊට පස්සේ නම් මට අරූ එක්ක ලේසි උනේ නෑ..

      Delete
  27. මදැයි කොරගත්ත උදවු කරන්න ගිහින් ....

    ReplyDelete
    Replies
    1. කපුටා තමයි ඔහොම දේයක් අවුල් උනා කියලා මාත් එක්ක තරහ උන එකම එකා..

      Delete
  28. කපු ගාස්තු විදිහට නාගගේ හිතම අරගෙන නේ ;)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. හිතම ගත්තා.. සහෝදර ෆිට් එකට.. :)

      Delete
  29. අයි අයි අයි අයි අයි යෝ..............
    ජංගි කේස් වලට කොල්ලං මරා ගැනීම සිසුනයෙක් විදිහට හෙලා දකිමි...
    කපුටා හෙන චාටර් ඈ...

    ReplyDelete
    Replies
    1. අනිවා.. මාත් කැමති නෑ ඒකටනම්.. ඒත් අරූ තමයි එල්ලෙන්න ආවේ.. මටත් ඉතින් කරන්න දෙයක් තිබ්බේ නෑ..

      Delete
  30. කපුටා නිකම්ම සැක කෙරුවා වෙන්ඩත් බැ

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින්.. මාව විස්වාස නෑ... :)

      Delete
  31. අපොයි ආදරෙන් මත් උනහම ආශ්‍රය කරන යාළුවො එක්ක ඔරොප්පු වෙන එක තරම් දෙයක් තවත් නෑ. මට පේන්නම බැරි දෙයක් ඕක නම්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත වෙනී අයියේ.. ඒත් සමහරු එහෙමයි.. අකමැති ඇයි කියන දේ ගැන හිතන්නේ නෑ.. හිතන්නේ අරූ මට බල්දි දැම්මා කියන එක..

      Delete
  32. ඇත්ත කියපන්.. උබ කපුටව අන්දලා.. කෙල්ලව සෙට් කරගත්තා නේද ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. මේ අමූලික ඇත්ත කියන්නේ.. එහෙම කලේ නෑ.. :)

      Delete
  33. මට මේ අපේ කාලේ මතක් උනා........

    ReplyDelete
    Replies
    1. 1800 බර ගනන් වල වෙන්ටැති තරැ අයියාගේ කාලේ හික් හික්....

      Delete
    2. උඹේ කාලේ කොයි කාලෙද තරුවෝ.... :)

      Delete
    3. මං හිතන්නේ 1800 බර ගනන් වලටත් කලින් වෙන්න ඇති සුදු මේකා ඉන්න ඇත්තේ... :)

      Delete
  34. ම්ම්ම්ම් කපුටත් මාර ඩයල් එකක්නේ.... ඔහොම එව්වටත් තරහ වෙනවද? හ්ම්ම් හ්ම්ම් බලමුකෝ කපුටගේ කතා තව ඉදිරියට... හැබැයි ඉතින් නම ඇහුවම නම කියන්න දන්නෙත් නෑ කිව්වනේ අයියා? ඔහොමද සපෝට් කරන්නේ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අනු.. නම කිවුවට නංගී දන්නේ නෑ.. අර චරිත ලක්ශණ කියන්න බෑ කියලයි මම කිවුවේ.. මේ කතා ඉවර වෙනකන්ම ඉස්සරහට කපුටා ඉන්නවා..

      Delete
  35. බොරු කියන්න එපා.. පොඩි එකාගේ බලාපොරොත්තු බිඳලා..
    හික් කපුටා කියන්නේ අන්කල් කෙනෙක්ද..? ඉනට උඩින් බඩ මැද්දෙන් කලිසන් ඇන්දේ
    සෝක් පන්තිය.. මාත් හිටිය ඔයින් පන්තියක

    ReplyDelete
    Replies
    1. අපේ පන්තියේ උනාට ඌ අවුරුදු 2 වැඩිමල් අපිට වඩා..

      Delete
  36. හික්..!! මරු වැඩේ..
    තව බලමුකො ඉස්සරහට වෙන ඒවා..

    ReplyDelete
    Replies
    1. තව හොද කතා ඉස්සරහට.. :)

      Delete
  37. හම්මෝ මේව කියවනකොට මතක්වෙන දේවල්....හදවත පත්තුවෙලා යනව.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ කාලේ සෑහෙන සුන්දර ඇති.. :)

      Delete
  38. ඉතුරු ටිකත් ඉක්මනට දාන්නෝ...

    ReplyDelete
    Replies
    1. ලියන්නම් ලියන්නම්..

      Delete
  39. ඇයි බං මගේ කොමෙන්‍ටු කන බහිරවයා මොකාද.??

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.. මම ස්පෑම් වලත් බැළුවා අයියේ.. ඒකෙත් නෑනේ... :|

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්