එහෙම වෙන්නේ ඇයි? මේ
මාතෘකාවෙන් කලින් ලිපි 3ක්ම
ලිවුවා මතක ඇතිනේ.. ටික
දවසකට අමතක වෙලා
තිබ්බ ලිපි ටික
ආයෙම ලියන්නයි මේ
කල්පනාව..
සුවඳ විලවුන්.. සුවද විලවුන් වලට
ඉතින් කොයි කවුරුත්
කැමතියි නේ.. කොල්ලෝ කෙල්ලො
වෙනසක් නෑ.. හැමෝම කැමති
සුවඳ විලවුන් වලට.. මේ
මමත් කැමතී.. ලංකාවෙදි නම්
අපිට ඔය සුවඳ විලවුන් මිලදි ගන්නවත්
ඒ ගැන ප්‍රචාරණ දැන්වීම්
යන්නවත් නියමිත කාලයක්
නෑ.. කොටින්ම ඉතින්
ලංකාවේ වැඩි ප්‍රචාරණයක්
නෑ නොවැ..
මම ඉතාලි ගොඩ
බැස්සේ සමර් එකේ
මුල් කාලේ ඒ
කියන්නේ මැයි මාසේ.. ඒ
මුල්ම කාලේ අන්තර්ජාලය එහෙම දැන් වගේ
පාවිච්චියක් නැති නිසා
ගොඩක් වෙලාවට හිටියේ
ටී.වි එක
දාගෙන.. කොටින්ම
ඉතින් භාෂාව නොදන්න
කාලේ ඒක ඉගෙන
ගන්නත් එක්ක ටී.වී
බැලුවා.. අනික ඉතින්
ලංකාවෙදි වගේ කපල
කොටලා කොටුදාලා මෙහේ
පෙන්නන්නෙත් නෑනේ.. ඉතින් හරි ආසාවෙන්
ටී.වී එක
බලනවා..
ටික දවසක් යද්දි
යන ප්‍රෝග්රෑම් වගේම
වෙළද දැන්වීමුත් හොදට
මතකේ තිබ්බා.. ටික කාලයක්
ටී.වී එකේ
ඔහොම හැම දෙයක්ම
බලන් ඉද්දි එක පාරම හිතට ආව දෙයක් තිබුනා.. ඒක තමයි අද මේ කියන්න යන ප්‍රශ්ණය..
" සීත කාලෙට සුවද විලවුන් වර්ග වැඩි ඇයි?"
සෑහෙන බොන්න ඕන ප්‍රශ්ණයක්ද? හ්ම්ම්.. මුලින්ම මටත් හිතුනේ නම් එහෙම තමයි.. ප්‍රෝග්‍රෑම් එකක් අතරතුරේ යන වෙළද දැන්වීම් වලින් වැඩි හරියක්ම මේ සුවද විලවුන් ගැන.. ලෝකේ තියෙන ඉහලම බ්‍රෑන්ඩ් වල සුප්‍රසිද්දම නළු නිළියෝ දාලා යන ඇඩ් වලින් අඩුවක් නම් නෑ..
" මේ අයියේ මොකෝ මේ කාලෙට මේ ඇඩ් වැඩි?"
" මුං මේ කාලෙට නාන්නේ නෑනේ ඒකයි.."
සරළම කෙටිම උත්තරය.. ඒත් ඉතින් ඔහොම කිවුවට මදිනේ.. ටිකක් පැහැදිළි කරන්න ඕනනේ.. :)
ඔය උඩින් කිව්ව උත්තරේ තමයි ඇත්තම උත්තරේ.. ඔව් මුං නාන්නේ නෑ.. දැන් ඉතින් හැමෝම අහාවි ඒ මොකද කියලා.. ඒකට තියෙන එකම උත්තරේ තමයි හීතල..
" ඇයි බං ඔහේ උණු වතුර තියෙන්නේ.."
දැන් ඉතින් කෙනෙක් එහෙම හිතාවි.. ඔව් ඕන තරම් නාන්න උණු වතුර හීටර්ස් හැම ගේකම හයි කරලා තියෙන්නේ.. ඒත් තියෙන ප්‍රශ්ණේ ඒක නෙමෙයි..
සම්පූර්ණ නිරුවත් වෙලා නාන්න ෂවර් එක ලගට යන්නයි, නාලා ඉවර වෙලා ඇග ඔකොම පිහිදගෙන කරගෙන ආයෙම එලියට එන්නයි තියෙන කම්මැලිකම.. මේ තියෙන තද සීතලත් එක්ක ඔය කොයි වෙලේ වුනත් නිරුවත් ඇගට තද සීතලක් දැනෙනවා.. උණු වතුර නාලා ඉවර වුනාම ඒක තවත් වැඩී.. අත්දැකීමෙන් කියන්නේ..
හැබැයි ඉතින් මෙහෙමයි.. ඕනම ගෙදරක ඔය කාලෙට ගිණි උදුන් දැල්වෙනවා.. ඉලෙක්ට්‍රික් ඒවා.. හැම කාමරේකම තියෙනවා.. ඕක ඔන් එකේ තියෙද්දි නාලා එද්දි හිතල දැනෙන්නේ අඩුවෙන්.. ඒත් නොදැනෙනවාම නෙමෙයි..
ඉතින් ඔන්න ඔය කාරණේ නිසා තමයි මුන් නාන්න පෙළබෙනව අඩු.. බොහො විට සතියකට විතර සැරයක් නානවා.. එහෙමත් නැත්නම් සැලෝන් එකකට ගිහින් කොණ්ඩේ හෝද ගන්නවා.. එහෙම වෙලාවට ඉතින් ගද ගහන එක අහන්නත් දෙයක්ද.. අන්න ඒ වෙලාවට තමයි සුවඳ විලවුන් වල ඕන කම එන්නේ.. නෑවේ නැතත් හැමදාම සෙන්ට් නාලා තමයි ගෙදරින් මුං එලියට බහින්නේ.. කාන්තාවෝ තමයි ඉතින් වැඩියෙන්ම..
මෙන්න මේ කාරණේ නිසා වින්ටර් එක කියන්නේ සුවද විලවුන් අලෙවි කරන්නන්ටනම් හොද කාලයක්.. මොකද නාන්න අකමැති අය අනිවාර්යෙන් ගන්න නිසා.. හැබැයි ඉතින් ඔන්න හැමොම මෙහෙම නෑ.. හිතල වැඩිනම් කපල් එක පිටින්ම එකට නාන අය ඉන්නේ.. අපේ ඔය දොත්තොරෙස්ස අක්කත් අන්න එහෙම තමා.. දැන් ඉතින් අහන්න එපා මම කොහොමද ඒක දන්නේ කියලා..
ඉතින් ඔය ප්‍රශ්ණෙට උත්තරේ ඔන්න ඕකලු.. හැබැයි ඉතින් වින්ටර් එක කෝම වුනත් සමර් එකටනම් ඉතින් මේක මීට වඩා වෙනස්.. මුන් ඉන්නේ මුහුදේ බැහැ ගත්ත ගමන්.. සමර් එකේ වැඩියෙන් සෙන්ට් සුවදක් එක්ක කෙනෙක් පාරේ හම්බුනොත් ඒ නාන්නේ නැති එකෙක් තමයි..
විශේෂයි : ඔන්න මමත් ලිපි 400 ලිවුවලු හොදේ... :)
සම්පූර්ණ නිරුවත් වෙලා නාන්න ෂවර් එක ලගට යන්නයි, නාලා ඉවර වෙලා ඇග ඔකොම පිහිදගෙන කරගෙන ආයෙම එලියට එන්නයි තියෙන කම්මැලිකම.. මේ තියෙන තද සීතලත් එක්ක ඔය කොයි වෙලේ වුනත් නිරුවත් ඇගට තද සීතලක් දැනෙනවා.. උණු වතුර නාලා ඉවර වුනාම ඒක තවත් වැඩී.. අත්දැකීමෙන් කියන්නේ..
හැබැයි ඉතින් මෙහෙමයි.. ඕනම ගෙදරක ඔය කාලෙට ගිණි උදුන් දැල්වෙනවා.. ඉලෙක්ට්‍රික් ඒවා.. හැම කාමරේකම තියෙනවා.. ඕක ඔන් එකේ තියෙද්දි නාලා එද්දි හිතල දැනෙන්නේ අඩුවෙන්.. ඒත් නොදැනෙනවාම නෙමෙයි..
ඉතින් ඔන්න ඔය කාරණේ නිසා තමයි මුන් නාන්න පෙළබෙනව අඩු.. බොහො විට සතියකට විතර සැරයක් නානවා.. එහෙමත් නැත්නම් සැලෝන් එකකට ගිහින් කොණ්ඩේ හෝද ගන්නවා.. එහෙම වෙලාවට ඉතින් ගද ගහන එක අහන්නත් දෙයක්ද.. අන්න ඒ වෙලාවට තමයි සුවඳ විලවුන් වල ඕන කම එන්නේ.. නෑවේ නැතත් හැමදාම සෙන්ට් නාලා තමයි ගෙදරින් මුං එලියට බහින්නේ.. කාන්තාවෝ තමයි ඉතින් වැඩියෙන්ම..
මෙන්න මේ කාරණේ නිසා වින්ටර් එක කියන්නේ සුවද විලවුන් අලෙවි කරන්නන්ටනම් හොද කාලයක්.. මොකද නාන්න අකමැති අය අනිවාර්යෙන් ගන්න නිසා.. හැබැයි ඉතින් ඔන්න හැමොම මෙහෙම නෑ.. හිතල වැඩිනම් කපල් එක පිටින්ම එකට නාන අය ඉන්නේ.. අපේ ඔය දොත්තොරෙස්ස අක්කත් අන්න එහෙම තමා.. දැන් ඉතින් අහන්න එපා මම කොහොමද ඒක දන්නේ කියලා..
ඉතින් ඔය ප්‍රශ්ණෙට උත්තරේ ඔන්න ඕකලු.. හැබැයි ඉතින් වින්ටර් එක කෝම වුනත් සමර් එකටනම් ඉතින් මේක මීට වඩා වෙනස්.. මුන් ඉන්නේ මුහුදේ බැහැ ගත්ත ගමන්.. සමර් එකේ වැඩියෙන් සෙන්ට් සුවදක් එක්ක කෙනෙක් පාරේ හම්බුනොත් ඒ නාන්නේ නැති එකෙක් තමයි..
විශේෂයි : ඔන්න මමත් ලිපි 400 ලිවුවලු හොදේ... :)


අර උඩින් තියෙන බෝතල් ටික නම් හරි ස්වීට් අප්පා..
ReplyDelete400 වෙනුවෙන් ජයම වේවා!!!
තව ලියමු ..
සිනා බෝ වේවා!!!
හී.... මං පනුච්චි එක වෙලා බොලේ...
Delete400ට පණුවිවි එක වෙලා. ඔන්න මම ඒකට සුභ පැතුව හොදේ..
Deleteහී ඔව්මයි... තැන්කු තැන්කු.. :)
Deleteපස්ස පැත්තටත් සෙන්ට් ගහන්ද දන්නේ නෑ යන්නේ, මුන් සීතල කාලෙට බොක දාල පිහද ගන්නෙත් නැතුව ඇති
ReplyDeleteමුන් කෝමත් කරන්නේ පිහිදාන එකනේ.. ඒ හන්දා වතුර අවුලක් නැතුව ඇති ඒකටනම්..
Deleteබ්ලොග් අවකාශය සුවඳවත් කල , වර්ණවත් කල "වර්ණ " බ්ලොග් එකට මගේ සුභ පැතුම් . සරළ භෂා විලාසයත් , හාස්ය රසය නොමදව අඩංගු ලිපිත් කියවන්නා තුල රුචියක් ඇති කරනවා .
ReplyDeleteසතුටුයි ලිපි 400 ලියනවා කියන්නේ අමාරු දෙයක් . සුභ
පැතුම් මල්ලී . දිගටම ලියන්න ශක්තිය දිරිය ලැබේවා !
තැන්කූ තැන්කූ ගිම් අක්කේ.. හොඩක් දේවල් කියලා.. හදවතින්ම සතුටුයි වගේම ස්තුතියි.. :)
Delete//තද සීතලත් එක්ක ඔය කොයි වෙලේ වුනත් නිරුවත් ඇගට තද සීතලක් දැනෙනවා// එතකොට මේ...... එක්කෝ ඕන්නෑ
ReplyDeleteමට නිකන් හිතෙනවා හිතෙනවා වගේ හයිඩ් අහන්න ගිය එක.. ඒත් ශුවර් නෑ.. ආයෙ ආවොත් මේ පැත්තේ ඔන්න ඔහේ අහලා දාලා යන්න..
Deleteමුලටික කියවද්දී උත්තරේ මතක් උනා.. උත්තරෙත් මලයම දාලනේ...
ReplyDeleteඋන් විතරක් නෙවෙයි අපේ උන්දලත් වැහි දවසට නාන්න හොරයිනේ
400ක් එල ඈ.. බොක්කෙන්ම සුභ පැතුම්!!!
500 වෙනි එකට ලන්කාවත ගිහින් පාර්ටි එකක් දාමු
දැන් වගේ නෙමෙයි ලංකාවේ ඉද්දි උදේම නාන්නත් මම කම්මැලි..
Delete500 ලං වෙද්දි ලංකාවේ ඉදියි.. ඒ අදහසත් මරු.. බලමුකෝ ලං වෙලා.. :)
400 ට සුභ පැතුම්. ඒ කියන්නෙ අයියත් නාන්නෙ නෑලු.
ReplyDeleteතැන්කූ තැන්කූ..
Deleteදාන්න කලින්ම මම දැනන් හිටියා මේක මගේ පැත්තටත් කැරකෙනවා කියලා.. :)
පළමුව ඔබට ජය ආ ගමනට.හ්ම් කථාවත් කියෙව්වා.ආයෙමත් එන්නම්.ඔබට ජය!
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ගොඩක් ස්තූතියි.. ආයෙම එන්න කියලා ආරාධනා කරනවා.. :)
Deleteඔයාත් නාන්නෙ නැද්ද මන්දා o.O
ReplyDeleteහික් හික් ඔයා ඉතින් හැමදාම උදේට නානවනේ පණ... එළියට ගෙන්නන්න කොල් කරන්න එපැයි මම :(....
හි හි හි.......
ලිපි 400ට සුභ පැතුම් පණ !!!
මේ තියෙන්නේ.. කට්ටියට ඔන්න මම කියන්න දෙයක් නෑ.. මිසිස් උමගිලිය ඔක්කොම කියලා ගිහින්.. :)
Deleteහරි හරි ඉතින් ඕක කෝල් එකක් දුන්න කියලා පොඩ්ඩක් මොකො වෙන්නේ ඉතින් සුදු... :)
ලිපි හාරසීයක් ලියනවා කියන්නේ මට නම් සිහිනයක්. ඒත් ඔබ ඒ සිහිනය යතාර්ථයක් කරගත්තු කෙනෙක්. මේ බ්ලොග් එක කියවන්න මම දැන් ඇබ්බැහි වෙලා. බොහොම අපුරු සටහන් විලාශය එක්ක ගලාගන යන කතා කවි වලින් මම ගොඩක් කැමතිම දේ මේ වගේ නොදන්නා දේශයක කතා බහ සරලව ලියන එක.
ReplyDeleteහදවතින්ම සුබපැතුම් පෝස්ට් 400 එක්ක බ්ලොග් එක කරගන යාම ගැන. ඒ වගේම තවත් ලියන්න. මොකද අපි ලියන්නේ නැතත් කියවන එක නවත්තන්නේ නෑ. :)
ඒක සිහිනයක් වෙන එකක් නෑ ඇලෙක්ස් අයියේ.. හෙමීට ලියමු.. අයියා සෑහෙන කාලෙකින් ලිවුවේ නෑනේ දැන්..
Deleteගොඩක් ස්තූතියි අයියේ.. දිගටම එන්නකො ඉතින්..
දැන් ඉතිං මේක ලිව්වා එකාත් එහෙම්මනේ...
ReplyDeleteනොහොම කියන එක හරි නෑනේ ඉතින්.. :)
Deleteලිපි 400ට සුබ පැතුම් දිනේශ්....!!!!
ReplyDeleteඅර සුවඳ විලවුන් කතාව කියලා දුන්නු එක හොඳයි. හැබැයි නාන ගෑනු ලමයිනුත් ඉතින් සුවඳ විලවුන් දානවා හොඳේ. බොරු නම් මදාරගෙන් අහන්ටකෝ.:D
හෙහ් හෙහ්.. මදාරව අල්ලලා ඉතින් ඒකට.. දැන් ඉතින් කෝමද ඒක එහෙම නෑ කියන්නේ.. පොඩ්ඩි අක්ක එක්ක බෑනේ ඉතින්.. :)
Deletemagen unusum suba pathum yalu
ReplyDeleteතැන්කූ තැන්කූ..
Deleteලිපි 400ට සුභ පැතුම්...!!
ReplyDeleteමම අද තමා මේ පැත්තේ ආවේ.... :)
මම බ්ලොග් ලෝකයට අළුත් කෙනෙක්.
වර්ණයට සාදරයෙන් පිළිගන්නවා සමනළීව..
Deleteඅළුත් පර්ණ භේදයක් නෑ.. ලියන දේ සාර්ථකව ලියන එකයි වැදගත්..
ලිපි හාරසීයට උණුසුම් සුබ පැතුම් අයියේ..
ReplyDeleteජයෙන් ජය!
තැන්කූ නංගියේ..
Delete400ට 4000ක් ආවඩා ආයුබෝ වේවා..
ReplyDeleteසුභ පැතුම් මලේ..
තැන්කූ රූ අක්කේ..
Deleteබලමු එච්චර පුළුවන්ද කියලා..
ඉතාලි පුරුද්දට දිනේෂ් ලංකාවෙත් ඒ කාලෙට සෙන්ට් ගහයිද දන්නෙ නෑ අනේ අසරණ අර කෙල්ල.... හික්ස්...
ReplyDelete400 මගෙන් උණුසුම් සුභ පැතුම් දිනේෂ්....
හෆ්ෆේ.. ඔන බලන්න කියන කතා ඉතින්... නෑ නෑ එහෙම වෙන්නේ නෑ.. :)
Deleteතැන්කූ.. තැන්කූ
කොහේ උනත් සෙන්ට් නාගෙන එලියට බැහීමේ හොරේ ඕකද මංදා :D
ReplyDelete400 සම්පූර්ණ කල එකට මගෙනුත් උණුසුම් සුභපැතුම්!
තව තවත් ලියන්නට ශක්තිය ධෛරය්‍ය ලැබේවායි ප්‍රර්ථනා කරනවා.
එවුනම් ඉතින් කියන්න දන්නේ නෑ.. වෙන්න බැරි කමකුත් නෑ ඉතින්..
Deleteතැන්ක්ස් යාළුවා...
හප්පේ බැරි වෙලාවත් සමර් එකට රටේ සෙන්ට් නිෂ්පාදනේ කරන එකයි ගෙන්නන එකයි නැවතුනොත් බඩුම තමයි, ලිපි 400 සුභ පැතුම් දිනේෂ් අයියේ......!
ReplyDeleteසමර් එකට කෝමත් නෑනේ සිතුමෝ.. මම මේ කිවුවේ වින්ටර් එක ගැන..
Delete400 ට සුභපැතුම්...මෙයත් නාන්නේ නැතුව ඇති ඔය කිව්වට.සයිබරෙන් සමුගනිමි.අවසාන කමෙන්ටුවයි.
ReplyDeleteමේ මාල් පිස්සු කරන්න එපා.. පැනලා යාම ප්‍රශ්ණ වලට විසදුම් නෙමෙයි නේ.. වෙනද වගේම ලියන්න.. අඩු ගානේ හිත නිදහස් වේවි..
Deleteසුභ පැතුම් මගේ මල්ලියෝ......දැන් ඉතිං අහනවා එහෙම නෙවෙයි අක්කා 400 කීයක් කියෙව්වද කියලා හරිද?
ReplyDeleteආ ඔයාගේ අල්මාරියේ සුවද බෝතල් පුරවලලු නේද?ඇයි ඉතිං ඔයා නාන්නෙ නැතුව එව්ව ගගානේ ඉන්නේ....;)
අක්කා කියෙවුව ගාන මේ මලයා දන්නවනේ.. ඒ හන්දා අහන්නේ නෑලු..
Deleteඅන්න අන්න මේ.. මඩ ගහන්න බෑ හලි.. මම හැමදාම නානවා.. බොරුනම් අහන්න මදාරගෙන්... :)
නාන්නේ නැතුව පර්ෆියුම් පාවිච්චියත් නරකම නැහැ බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්..:)
ReplyDeleteජයම වේවා ඉතින් ඔබට 400 ට !
කට්ටියට වැරදි ආදර්ශයක් දුන්නද මන්දා මමත්.. :)
Deleteතැන්කු තැන්කූ..
සුභ පැතුම්....
ReplyDeleteතැන්කූ හිරු අක්කේ..
Deleteමොකද මන්දා අද වෙනද වගේ නැතුව සුභ පතල විතරක්ම ගිහින් තියෙන්නේ.. :)
400 ට ජයම වේවා දිනේෂ් අයියේ!
ReplyDeleteමට ඇති වුණ ප්‍රශ්නේ කට්ටියම අහල තියෙනවනේ.. ඒ නිසා මමත් ඒ ප්‍රශ්නේ අහන්නේ නෑ ඔං.....
ජය වේවා!
හෆ්ෆේ ඇති යාන්තම් එක්කෙනෙක් හරි ඒක අහන්න ඕන නෑ කියලා හිතුවා.. නැත්නම් මේ කට්ටිය... :)
Deleteමාරම සුවඳයි. 400ක් නේ. සුබ පැතුම්!
ReplyDeleteතැන්කූ තැන්කු ලොකු අයියේ..
Delete400ට සුභ පැතුම් අයියෙ!!! නාන්නෙ නැති එක ගැන අහන්නෙ නෑ..;)
ReplyDeleteහික්ස් ඇති යන්තම්.. වෙනද මේවා අල්ලන් එල්ලෙන එක්කෙනා.. අද ඕන නෑ කියලා මාරු වෙලා..
Deleteහෙට ඉදන් සතියක් යනකන් මාත් සෙන්ට් වලින් ඉදල බලන්න ඔනේ !!! 400ට ජය වේවා ........
ReplyDeleteහෆ්ෆා.. පිස්සුද එහෙම කරන්න එපා.. මුං හොද දෙයක් කිවුවොත් නම් අහන්නේ නෑ.. මෙහෙම ඒවා කිවුව ගමන් කරනවා.. ඒකනේ වැඩේ කියන්නේ.. :)
Deleteethakota ganda wadi wenawa ane... athdakeemen kiyanne....
Deleteඅනිවා මාත් ඒකට එකගයි.. :)
Deleteපිස්සුද මචං.. නාලා ඉන්න එක සැපයි.. ඔය සෙන්ට් වලට වඩා..
Deleteඅනිව අනිවා.. ඒක ඇත්ත..
Deleteඅපෙ ගෙවල් පැත්තෙත් කාලයක් නාන්නෙ නැතුව සෙන්ට් ගහන බුවෙක් හිටිය....400ට ජය!!!
ReplyDeleteහෙහ්.. එහෙම අය නැතුවම නෙමෙයි.. මම කාලෙට ඉස්සර දැක්කා පත්තරේක එහෙම කෙනෙක් ගැන ලියලා තිබ්බා..
Deleteමම බ්ලොගේට ආව දවසෙ ඉදන් මට දෙන සප් එක වෙනුවෙන් මම හැමදාම උඹව බලන්න ආවා වගේම එනවා. 400ට 400000ක් ලියපන් :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඕවනම් මොනාද බං.. උඹ සිරාවට ලියනවා ඒ හන්දා එනවා..
Deleteකෝම උනත් තැන්කූ වේවා!!
අපිට නිකිව්වට කියන එක්කෙනත් ඒ කාලෙට හොඳට සෙන්ට් නාගෙන ඉන්නව ඇති.
ReplyDeleteහූ...
තව තව ලියන්න අත්දැකීම් ලැබේවා...!
සෙන්ට් නම් ගහනවා.. හැබැයි නාලා.. :)
Deleteනාන්නේ නැතුවම ගහමු එක්කෝ..
Deleteඅපෝ බෑ.... :)
Deleteදිනේෂ් අයියත් සෙන්ට් නාගෙන වෙන්න ඇති මේක ලියන්න ඇත්ත ;)
ReplyDeleteඋණුසුම් සුබ පැතුම්..!!
ඉක්මනටම 500 වෙනි පොස්ටුවත් කියවන්න ලැබෙයි කියල හිතනවා.
මේ රෑ මොන සෙන්ට්ද නංගියේ.. ඒවා උදේට.. :)
Delete500ට යනවා ඉක්මනට.. පොඩි ප්ලෑනක් ඔළුවේ වැඩ හන්දා ඉක්මනට ඒකට යනවා.. :)
400ට ජයවේවා..
ReplyDeleteඅර දොත්තරෝසා අක්කා නාන්නේ අර විදිහට කීලා ටක්කෙටම දන්නේ කෝමෙයි?????
ඕකනේ ඉතින් බැරි.. අහන්නෙම ඕන නැති ඒවා.. එවුවා මෙහෙම ප්‍රසිද්ධියේ කියන්න බෑ..
Delete
Deletemeyala set una gaman one deyak kiyanawa thariyo. ape rate wage thahanam topics nehene me ratawala. oyita wadi dewaluth nikanma kiyala daanawa.
mama suddange rate mulinma igena ganna giya kaale, eka sudu kollek kiyanawa eyaage yaalu girl kenekuta thiyena problem ekak. mata daadiya demma appa...genu katha, pirimi katha kiyala wenasak nehe. dan nam gaanak nehe. eth eka paarata as uda yanawa...:)
ape dinesh malayath honda hariya kiyanne neha. ewa madaragen thama aha ganna wenne....;)))
madara.... kiyannako ane meyalata oya wath....
හෙහ්..මේ කවුරු උනත් යුරෝපා සිස්ටම් එක හොදට දන්න කෙනෙක්.. කියපු කතා නම් ඇත්ත.. මෙහෙ ඕනම දෙයක් ඕපන් කතා කරනවා.. අර නාන එක උනත් එහෙම තමා.. ඒ උනාට ඉතින් මේක පොඩි උනුත් බලනව ඇතිනේ.. එවුවා එහෙම ලියන්න බෑනේ..
Deleteඅහ් මදාරා ඔක්කොම කතාව දන්නවා.. :)
මදාරට විතරක් ඔක්කොම කතාව කියලා අපිට අඩුවෙන් කියන එක හොදද ඉතින්??
Deleteමෙහෙමනේ ඉතින්.. ඒවා එයා දැනගත්තම මදැයි.. මේකේ ලියන්නේ මොකටද?
Deleteලිපි 400ට මගෙනුත් සුභ පැතුම් දිනේශ් ...!!
ReplyDeleteසෙන්ට් ගැන කතා බහ හන්දම මන්දා මේ පැත්තම සුවඳයි...
සෙන්ට් සුවද අස්සේ මේ සෙට් එක මඩත් ගහනවනේ.. :)
Delete400ට සුබ පැතුම් මල්ලී.. නාන එක ගැන නේ.. එක්කෝ ඕන නෑ..
ReplyDeleteහෆ්ෆෙ.. ඒවා එපානම් හොදයි.. :)
Deletemata nam mathaka hitiya vadagathma de thama dostharessa akkage nema......
ReplyDeletetry karala balanna one....
mama dan balana ekama blog eka meka wela.hari busy me tike. dawasakata sarayak nobaluwoth loku aduwak danenawa.
daru malloth ekkama digatama liyanna labewa kiyala pathanawa..
anaagatha blog pawulakata suba pathum......
හික්ස්.. ඔව් ඔව්.. ඒක නියමයි.. මාත් මේ ට්‍රයි කරන්න බලාගෙන ඉන්නේ..
Deleteහැමදාම බලන්න එන්න කියලා ආරාධනා කරනවා.. දරු මල්ලො නම් ලියයිද කියන්න බෑ.. ඒත් අපි දෙන්නනම් ලියනවා.
400ta subha pethum malliyoooo
ReplyDeleteනිසුපා අක්ක ඉතින් දැන් සෑහෙන කාලෙක ඉදන් මාත් එක්ක ඉන්නවනේ.. තැන්ක්ස් හොදේ.. :)
DeleteI came to your blog for the first time.It's an interesting fact to know that they don't bathe in the Winter.
ReplyDeleteමෙහෙමයි හැමෝම නෙමෙයි ඉතින්.. සමහරු.. :)
Deleteසිරා කාතාව.. දෙන්නෙක් එකට නාද්දි මොන හීතලක්ද කිවුවලු.. ඒක ට්‍රයි කරලම බලන්න ඕන එකක් මචං...
ReplyDelete400 සුභ පැතුම්..
අහ් එහෙනම් යාළුවා ට්‍රයි කරලා තියෙනවා..
Deleteතැන්කූ වේවා..
මෙච්චර කල් බැදලත් ඕවා ට්‍රයි නොකර කෝමද?
Deleteහෙහ් හෙහ්.. ඒකනේ ඒකනේ කියන්නේ.. :)
Deleteසුභ පැතුම් දරුවෝ :)
ReplyDeleteගොඩක් ස්තූතියි අංකල්..
Deleteබොක්කෙන්ම සුභ පැතුම් ආ 400ට..
ReplyDeleteතෑන්ක්ස් මචං..
Deleteehenam ekath ehemalu... oya rata wala un kawadath nanne nahane...
ReplyDeleteහෙහ් හෙහ්.. ඒකනේ..
Delete400ට සුබ පැතුම්.
ReplyDeleteනොනාන කතාව වැරදි කියල මට හිතෙන්නෙ. දකුණු ආසියාවෙ අපිට ඕක සීතල කියල හිතුනට ඒ අයට ගානක් නැහැ ඔය අය නාපු ගමං බාත් ඕවරෝල් එක දාගන්නවනෙ, අපේ පුතා උපන්නෙ මහ රෑ. එවෙලෙම නාවල අරං කිව්වෙ ඔයා අම්මෙ ළමයව ඕනැ රෑක නාවන්න බය නැතිව මෙහෙ කවුරුත් සීත කාලෙ කියල නොනා ඉන්නෙ නැහැ කියල. එහෙම කාලෙට වතුර බිල අඩු වෙන්නෙත් නැහැනෙ.
ජපන්නු නං මොන සීතල තිබුනත් රෑට වතුර එකේ බහිනවා මයි
කවිකාරි නැන්දා ගොඩ කාලෙකිම් මේ පැත්තේ..
Deleteඑකගයි.. ඒ හීතල ඇත්තටම හීතලක් නෙමෙයි.. ඒ උනත් මේ දේ සාමාන්‍ය කතාවට කියන්න දේ.. හැබැයි ඒක නෑ කියලත් කියන අමාරුයි.. මුන් ලගින් ආස්‍රේ කරද්දි නානවද නැද්ද කියලා දැනෙනවා..
ජපන්නු නාන කතාවනම් මාත් අහලා තියෙනවා..
තැන්කූ සුභ පැතුමට..
400ට සුභ පැතුම් යාළුවා..
ReplyDeleteතෑන්ක්ස් යාළුවා..
Delete400ට සුභ පැතුම් දිනේශ් !! ජය!
ReplyDeleteතෑන්ක්ස් විසිතුරු..
Delete400 සුභ පැතුම් මචං. දිගටම ලියපං..
ReplyDeleteතෑන්ක්ස් මචං..
Deleteමම නම් බ්ලොග් අවකාශයට නවකයෙක්..
ReplyDeleteමුලින්ම කියවන්න ගත්ත බ්ලොග් අතර " වර්ණ " කියන සුවිශේෂ බ්ලොග් එකත් තිබ්බ..
තාම මම 100 ක් වත් කියවල ඉවර නෑ..
ඒත් ඔයා 500 ලියන්න කලින් මම 400 කියවල ඉවර කරන්නම්..
සුභ පැතුම් සහෝදරයා...
මම නම් බ්ලොග් අවකාශයට නවකයෙක්..
ReplyDeleteමුලින්ම කියවන්න ගත්ත බ්ලොග් අතර " වර්ණ " කියන සුවිශේෂ බ්ලොග් එකත් තිබ්බ..
තාම මම 100 ක් වත් කියවල ඉවර නෑ..
ඒත් ඔයා 500 ලියන්න කලින් මම 400 කියවල ඉවර කරන්නම්..
සුභ පැතුම් සහෝදරයා...